කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වුණි.

එය ලබන 25 වනදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 23වන වරටය.

ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුනේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සම්මානනීය ග්‍රන්ථ රැසක් මෙවර පොත් ප්‍රදර්ශනයේ අලෙවිය සඳහා නිකුත් කර ඇති අතර වෙළෙඳ කුටි 400කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය තුළ ස්ථාපිත කර තිබේ.

රට තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ දී කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට නොහැකි වුණි.

ඒ නිසාම මේ වසරේ පොත් ප්‍රදර්ශනය සඳහා වැඩි අවධානයක් යොමුව තිබේ.

මේ අතර චන්න විජේසේකර මහතා විසින්  රචිත “ලී වැඩ” කෘති පෙළ එළි දැක්වීම පසුගියදා බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published.