ගෞතම් අදානි ලැයිස්තුවේ දෙවැනියා වෙයි

ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව මේ වනවිට එහි දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සමත්වී තිබේ.

එම ලැයිස්තුවේ දෙවෙනි තැන සිටි Amazon හි Jeff Bezos මේ වනවිට සිව්වැනි තැනට පත්වී ඇති අතර LVMH හි සභාපති Bernard Arnault තෙවැනි තැනට පත්වී ඇත. 

මොවුන් අබිබවමින් ගෞතම් අදානි ඉදිරියට පැමිණ ඇත්තේ අදානි සමූහයට අයත් කොටස්වල සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීමත් සමගිනි.

Forbes දත්ත වාර්තාවලට අනුව ඔහු දෙවැනි වන්නේ ඩොලර් බිලියන 273.5ක වත්කමක් ඇති ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් ට පමණි.

2022 සැප්තැම්බර් 16 වන විට අදානි ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 155.7ක් ලෙසින් සටහන්ව ඇත.

Forbes වාර්තාවන්ට අනුව ලොව ධනවත්ම පුද්ගලයින් 9 දෙනා පහත පරිදි වේ.

Elon Musk ($273.5 billion),
Gautam Adani ($155.7 billion),
Bernard Arnault ($155.2),
Jeff Bezos ($149.7 billion),
Bill Gates ($105.3 billion),
Warren Buffett ($96.5 billion),
Mukesh Ambani ($92.6 billion)
Google co-founders Larry Page ($89 billion) and Sergey Brin ($85.4 billion)

Leave a Reply

Your email address will not be published.