පාසල් දරුවන් ට දෙන්න යන බත්වේල කිරලා මැනලා පෙන්වයි

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ලබාදීමට සැලසුම්කර ඇති ආහාර වේල ප්‍රමාණවත් නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ද සඳහන් කළේ පාසල් සිසුවෙකුට ලබාදීමට සැලසුම්කර ඇති ආහාර ප්‍රමාණය වැඩිකළ යුතු බව තමාද පිළිගන්නා බවය. 

මේ අතර ලෝක ආධාර යටතේ පාසල් දරුවෙකුට දිනකට ග්‍රෑම් 75ක බත්වේලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගෙන ඇති තීරණය පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය එලෙස අද (17) දැඩි ලෙස විවේචනය කළේය. 

එහිදී ඔහු පැවසුවේ දරු‍වෙකුගේ ප්‍රධාන ආහාර වේලක් සඳහා ග්‍රෑම් 75ක් බරැති බත් ප්‍රමාණයක් ලබාදීම ඉතාම විහිලු සහගත තත්ත්වයක් බවය.

මේ අතර ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රික කමිටුව ඊයේ (16) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එහිදී කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉදිරියේදී දරුවන්ගේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ සාකච්ඡාවට ලක්කෙරුණි.

Leave a Reply

Your email address will not be published.