ටිබෙටයේ කොරෝනා මරණ ගැන චීනයට චෝදනා

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ටිබෙටයේ පුද්ගලයන් තුන්දෙනෙකු නිවෙස් තුළදීම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ කොරෝනා ආසාදිතයින්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් නිසිවේලාවට සැපයීමට චීන බලධාරීන් අපොහොසත්වීම මෙලෙස මරණ වාර්තාවීමට හේතුවී ඇති බවය.

ටිබෙටයෙන් මේ වනවිට සැලකියයුතු අයුරින් කොරෝනා ආසාදිතයින් දෛනිකව වාර්තාවෙමින් ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

පවතින තත්ත්වය අනුව වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් කොරෝනා ආසාදනයවීමෙන් ටිබෙටය තුළ මියයන බවටත් චීනය සත්‍ය කරුණු වසන් කරන බවත් ඇතැම් මාධ්‍ය වාර්තා අනාවරණ කරයි.

Leave a Reply

Your email address will not be published.