විවේචනවලට ක්‍රීඩා රාජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

ආසියානු ක්‍රිකට් ශූරයන් සහ ආසියානු දැල්පන්දු ශූරියන් පිළිගැනීම සඳහා කටුනායක පැවති උත්සවයට එක්වූ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබුණි.

ඒ අනුව තමන්ගේ සහභාගීත්වය ගැන සහ එහිදී එල්ලවූ විරෝධතාවන්ට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රතිචාර දැක්විය.

එහිදී ඔහු සඳහන් කළේ,

“මගේ සහභාගීත්වය කිහිපදෙනෙක් වැරදි ආකාරයෙන් දැක්කා. ඒ නිසා මාව තදබල ලෙස විවේචනයට ලක්කළා. මම පුංචි කාලේ ඉඳලම ක්‍රීඩාව කරපු කෙනෙක්. පාපන්දු, හොකී, ක්‍රිකට්, මලල ක්‍රීඩා, ටේබල් ටෙනිස් මේ ආදී වශයෙන්. කුමණ විවේචන කළත් මම නොසැලී මේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරනවා. කැපවීම, අධිෂ්ඨානය, ජයග්‍රහණය මගේ අවශ්‍යතාවයයි.”

Leave a Reply

Your email address will not be published.