අරගලකරුවන්ට සරත් ෆොන්සේකා ගෙන් යෝජනාවක්

අරගලය සාර්ථකව ජය ගැනීමට නම් උගත් බුද්ධිමතුන් පිරිසක් එහි අඩිතාලම දැමිය යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොළඹ අද (16) පැවැති රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මර්දනය නවතනු යන මැයින් ඒකාබද්ධ රැළියක් අද පස්වරුවේ කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වුණේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙනි.

රැලිය පැවැත්වෙන අතරතුර හයිඩ් පිටිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.
 

Leave a Reply

Your email address will not be published.