හරක්කටාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක්කටා ගේ ප්‍රධානතම ගෝලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල බෝකුන්දර සුඛෝපභෝගී නිවසක රැඳීසිටියදී සැකකරුව අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

සැකකරු සන්තකයේ තිබී හොරෙයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 150ක් සහ ජාවාරමෙන් උපයාගත් රුපියල් 45,000ක මුදලක් ද පොලීසිය භාරයට ගෙන ඇත.

පිළියන්දල බෝකුන්දර නිවසක රැඳීසිටින පුද්ගලයකු ගේ හැසිරීම සැකසහිත බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබේ.

හරක්කටා ගේ උපදෙස් මත සිදුකළ මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරු වන මෙම පුද්ගලයා ව්‍යාපාරිකයෙකු ලෙස හැඟවෙන පරිදි එම නිවසේ වසර 3ක සිට කාන්තාවක් සමග ජීවත්වී ඇති බවද අනාවරණය වී තිබේ. 

සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්කුඩු ප්‍රවාහනය කිරීම ඇතුළු නඩු කිහිපයක් සැකකරුට ඇති බවද පොලීසිය පවසයි.

39 හැවිරිදි සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published.