ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේ මේ වසරේ 36 වන සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 55,012 දෙනෙකු වාර්තා වී ඇති බවය.

කෙසේවෙතත් පසුගිය වසරේ මේ වන විට එම සංඛ්‍යාව 18,265ක් බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ හතරක් තහවුරු කර තිබේ.

එම මරණ අතර කාන්තාවන් දෙදෙනෙකු වන අතර ඔවුන් වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.