දුරකථන කුලුනුවල බැටරි ගැලවූ 5ක් අත්අඩංගුවට

දුරකථන සන්නිවේදන කුලුනුවල සවිකර තිබූ බැටරි සොරකමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු වීරකැටියේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, වීරකැටිය, තංගල්ල, බෙලිඅත්ත, හක්මන, අම්බලන්තොට, හම්බන්තොට ඇතුළු ප්‍රදේශවල පිහිටි සන්නිවේදන කුලුනුවල සවිකර ඇති බැටරි සොරකම් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

එහිදී බැටරි 138ක් සහ සොරකම් සඳහා යොදාගන්නා ලද කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් ද පොලීසිය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වලස්මුල්ල, හක්මන හා තංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

Leave a Reply

Your email address will not be published.