ආයෝජන මණ්ඩලය – නයිටා නිපුනතා සංවර්ධන මෙහෙයුමක්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල  ආයෝජකයන් දීර්ඝ කාලයක් සිට මුහුණපා ඇති ගැටළුවක් වන නිපුනතාවයෙන් යුතු මානව ප්‍රාග්ධන හිඟයට පිළියමක් ලෙස ආයෝජන මණ්ඩලය සහ ‘නයිටා’ ආයතනය එක්ව මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කළේය.

එහි ආරම්භක පියවර ලෙස හොරණ අපනයන සැකසුම් කලාපයේදී පාසල් හැරගිය සිසුන් 22 ක කණ්ඩායමක් පුහුණුව ආරම්භ කළ බවත් මෙහිදී හොරණ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලාවලට අවශ්‍ය විදුලි කාර්මිකයන්, පෑස්සුම්කරුවන්,  ජලනල කාර්මිකයන්  වැනි නිපුනතාවයෙන් යුතු කාර්මික  ශිල්පීන් පුහුණු කළ බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැවසීය.

මේ සඳහා  පාසල්  හැරගිය සිසුනට අවශ්‍ය කුසලතාව, ප්‍රවීණතාවය සහ පුහුණුව ලබාදීමට කර්මාන්තශාලා හිමියන් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා නයිටා ආයතනය එකඟ කර ගැනීමට ආයේජන මණ්ඩලය කටයුතු කළ බව කී ආයෝජන මණ්ඩලය  මෙම පුහුණු කාලය තුළ ආධුනික වෘත්තීය ශිල්පීන්ට මාසික දීමනාවක් හා  පුහුණුව අවසානයත් සමඟ ආධුනිකයන් ආයතනයනවල අවශ්‍යතාව අනුව අන්තර්ග්‍රහනය කරන බවත් ආයෝජන මණ්ඩලය පවසයි.

මෙම වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳව ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය ‘නයිටා’ ආයතනයට,  එම ආයතනය සමඟ එක්ව කටයුතු කිරීම සම්බනධයෙන් හොරණ අපනයන සැකසුම් කාලපයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ හොරණ අපනයන සැකසුම් කාලපයේ අපනයනකරුවන්ගේ සංගමයට ද ස්තූතිය පළ කළාය.

වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවයට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ (කලාප) එම්. කේ. ඩී. ලෝරන්ස්, හොරණ අපනයන සැකසුම් කලාපයේ ආයෝජකයන්ගේ සංගමයේ සභාපති එච්. ඩී. ද සිල්වා යන මහත්වරු ද, ‘නයිටා’ ආයතනයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සහ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published.