නෙළුම් කුලුන නැරඹීම සඳහා මහජනතාවට ලබාදී ඇති කාලය වෙනස් කර තිබේ.
ඒ අනුව සතියේ දිනවල දහවල් 12 සිට රාත්‍රී 10 අතර කාලය තුළ මහජනතාවට නෙළුම් කුලුන නැරඹිය හැකිය.
සති අන්තයේ එම කාලය වෙනස් කර ඇති අතර ඒ අනුව උදෑසන 10 සිට රාත්‍රී 11 දක්වා අතර කාලය තුළ නෙළුම් කුලුන නැරඹිය හැකි බව එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.
එසේම මෙතෙක් පැවති රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රය මින් ඉදිරියට නිකුත් නොකරන බවද ඔහු පැවසීය.
ඒ අනුව එය නැරඹීම සඳහා නිකුත්කරන ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 500කි.