ගමනාගමනයේ විශ්වකර්මයක් අතළඟ

ගුවනේ යා හැකි ගුවන්පැදියක් එක්සත් ජනපදයේදී එළිදක්වා තිබේ.

“XTURISMO” ලෙස නම්කර ඇති එම ගුවන්පැදිය ඉතා අනගි අත්දැකීමක් බව ඩෙට්‍රොයිට් ප්‍රදර්ශනයේ සම සභාපති තැඩ් සොට් පැවසීය.

එම නිෂ්පාදනයේ අත්හදාබැලීම සඳහා ගුවන්ගත කළ ඔහු පැවසුවේ තමාට විද්‍යා ප්‍රබන්ධයක් වැනි අත්දැකීමක් ලැබුණු බවය.

මෙම යානයට විනාඩි 40ක් පමණ ගුවනේ ගතකළ හැකි අතර උපරිම වේගය පැයට සැතපුම් 62කි.

ජපානයේ නවෝත්පාදන සමාගමක් වන “AERWINS” නම් සමාගම මෙම යතුරුපැදිය මේ වනවිටත් ජපානයේ විකිණීමට ඇති බව සඳහන් ය.

මෙහි කුඩා ප්‍රමාණයේ නිෂ්පාදනයක් 2023දී අමෙරිකාවේ එළිදැක්වීමට නියමිත අතර එහි මිල ඩොලර් 777,000ක් වෙතැයි සඳහන් ය.

Leave a Reply

Your email address will not be published.