රොහා ගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වූ “රොහා” නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (19) හොරණ – බැල්ලපිටිය සීලරත්න අසපුව අසල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරු සමග තවත් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට පැමිණ සිටි අය බව පොලීසිය පවසයි.

එම ප්‍රධාන සැකකරු හොරණ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු විසින් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයෙක් බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් 70,000කට අධික වෙළෙඳ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 800 ක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.
 

Leave a Reply

Your email address will not be published.