සංචාරකයන් ප්ලාස්ටික් බැරල් පාරුවල මාරක ගමනක..

නුවරඑලිය පැමිණෙන විශාල සංචාරකයන් පිරිසක් නුවරඑලිය කන්දේ ඇළ ජලාශයේ පාරුවෙන් ගමන් කිරිමට විශාල කැමැත්තක් දක්වනු ලබයි.

වාරිමාර්ග දෙපාර්තුමේන්තුව යටතේ කන්දේ ඇළ ජලාශය පාලනය වන අතර, එම ජලාශය තුල කන්දේ ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු විසින් ඔහුන් විසින්ම ප්ලාස්ටික් බැරල් යොදාගනිමින් නිපදවන ලද පාරු කිහිපයකින් මුදල් අය කර ජලාශයේ සංචාරකයන් රැගෙන යනු ලබයි.

එක් පාරුවක එක් වරකට සංචාරකයන් 20 කට ආසන්න පිරිසක් පාරුවට නංවා ගනිමින් පාරුකරුවන් දෙදෙනෙකු විසින් පාරුව පදවනු ලබයි.

එම පාරුවල සංචාරය කරන කිසිදු සංචාරකයෙකුට ආරක්ෂිත කබායක් ලබානොදි මුදල් පමණක් ලබා ගැනිමේ පරමාර්ථයෙන් පාරුකරුවන් සංචාරකයන් ජලාශයේ ප්‍රවාහනය කරනු ලබයි.

කන්දේ ඇළ ජලාශය දැඩි ගැඹුරකින් යුක්ත අතර, ආරක්ෂිත කබායක් සංචාරකයන්ට ලබා නොදි අවධානම් පාරුවල සංචාරකයන් රැගෙන යාම දැඩි අවධානම් සහිත බව එහි සංචාරය කල අපට දක්නට ලැබුණි.

මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ කන්දේ ඇළ ජලාශයේ සංචාරය කරන සංචාරකයන්ට අනිවාර්යෙන්ම ආරක්ෂිත කබායක්  ලබාදෙන ලෙස පාරු සේවාව පවත්වාගෙන යන අයට අවස්තා කිහිපයකදි දැඩි ලෙස අවවාද කල බවයි.

මේ සම්බන්ධයෙන් තමන් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කිරිමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කන්දේ ඇළ ජලාශයේ සංචාරකයන් ප්‍රවාහනය කරන පාරු සේවාව විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිලිවෙලක් දියත් කරන ලෙස වාරිමාර්ග දෙපාර්තුමේන්තුට සහ නුවරඑලිය ප්‍රාදේශිය ලේකම්වරයාට උපදෙස් ලබා දි ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.