ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි ව ඉල්ලූ දේ

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් හලාවත මුන්නේෂ්වරම් කෝවිල වෙත පැමිණ දේව කන්නලව්වක නිරත වුණි.

ඒ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවය.

ඉන් අනතුරුව, වෘත්තීය සමිති නායකයින් විසින් පවතින ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ධීවර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හලාවත සහ මීගමුව ප්‍රදේශවලදී ක්‍රියාත්මක කර තිබුණි.

එහිදී ඛනිජ තෙල් පොදු සේවක සංගමය චෝදනා කළේ සපුගස්කන්ද පිරිපහදුව තුළ භූමිතෙල් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබියදී එසේ නොකර බලධාරීන් රට තුළ ඉන්ධන ගැටලුව නිර්මාණය කරමින් සිටින බවය.

Leave a Reply

Your email address will not be published.