දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 4.2 ප්‍රදේශයට පැමිණි කබරයෙක් බේරීමට උත්සාහ ගැනීමේ දී සිදුවු අනතුරකින් වාහන කිහිපයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ.
මාර්ගයේ සිටි කබරෙක්ව බේරීමට උත්සාහ කිරීමේදී ලොරියක්, මගී බස් රථයක්, වෑන් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටී ඇත.
එම අනතුර ඊයේ (21) සවස සිදුව ඇති අතර, එහිදී සුළු තුවාල ලැබූ තිදෙනෙක් රෝහල්ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය පවසයි.
අලාභ හානියට පත් සියලුම වාහන කහතුඩුව පොලීසිය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.
අනතුර සම්බන්ධයෙන් දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ගාමිණි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.