පැය 8ක් 10ක් යළිත් විදුලිය කැපෙයි ද?

අද (23) දිනය තුළ ගල්අඟුරු තොගයක් සඳහා ඇණවුමක් ඉදිරිපත් නොකළහොත් ඔක්තෝබර් මස 28 වනදා සිට යළිත් දිනකට පැය 08 සිට 10 දක්වා කාලයක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව වාර් තා වෙයි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඒ බව පැවසීය.

“28 වනදා වෙනකම් අපිට ගල්අඟුරු සංචිත තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ.. 28න් පස්සේ අපිට ගල්අඟුරු නැති වුණොත් මේ බලාගාර 3ම වහන්න වෙනවා. මෙගාවොට් 820ක් විතර නැති වෙනවා. පැය 8ක 10ක විදුලි කප්පාදුවකට යන්න වෙනවා.. අපිට අවශ්‍ය ගල්අඟුරු ප්‍රමාණය අද හෝ හෙට ඇනවුම් නොකළොත්. දින 5කට සැරයක් අපිට ගල්අඟුරු නැවක් ළඟාවිය යුතුයි.”

මේ අතර හෙට (23) සිට 25 වනදා දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

පැරණි ලක්ෂපාන බලාගාරයේ අදියර 1 ක්‍රියාත්මක නොවීම, වෙස්ට් කෝස්ට් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සඳහා ඉන්ධන නොමැතිවීම මෙන්ම විදුලි ඉල්ලුමේ හදිසි ඉහළයෑම මෙම පියවර ගැනීමට හේතුවී ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.