මේ වනවිට රූපලාවන්‍යාගාර සියයට 90ක් පමණ වසාදැමෙන තත්ත්වයකට පත්වී තිබෙන බව රූපලාවන්‍ය ශිල්පීන් පවසයි.
ආනයන සීමා පැනවීම හේතුවෙන් රූපලාවන්‍ය ක්ෂේත්රයට එල්ලවී ඇති බලපෑම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (23) පැවැත්වුණි.
එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපෝන්සු ඒ බව පැවසීය,
“රූපලාවන්‍යාගාර සියයට 90ක් වැහෙන තත්ත්වයට පත්වෙලා. ඒකට හේතුව මේ නිෂ්පාදන ලංකාවට ගෙන්වන එක තාවකාලිකව අත්හිටුවීම. මාස 6න් 6ට මේ උපකරණ අපි අලුත් කරන්න ඕනේ. නොවැම්බර්, දෙසැම්බර් තමයි අපේ සීසන් පටන් ගන්නේ.”
“දැන් අපි මේ නිෂ්පාදන ගෙන්වනවා නම් මේ මාසේ අන්තිම වෙනකොටවත් මේ සීමා අයින් කරන්න ඕනේ. දින 45ක් 60ක් විතර යනවා මේවා ගෙන්වන්න.”
“මේ ක්ෂේත්රයේ සේවක සේවිකාවන් ලක්ෂ 4ක් වගේ විශාල පිරිසක් ඉන්නවා. මේ සේවක සේවිකාවන්ගෙන් 75%ක් 80% වගේ අපිට අඩු කරන්න වෙන තත්ත්වයට පත්වෙලා.”