දිගු කාලීන ණය පදනමට ගල් අඟුරු ගන්න නව ටෙන්ඩරයක්

දිගු කාලීන ණය පදනමට ගල් අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරි ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

කඩිනම් ගල් අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරේ ටෙන්ඩරයේ ඉතිරි තොග (19) ඉක්මණින් ලබා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩි දුරටත් කීය.

පසුගිය අගෝස්තු 25 දා ප්‍රදානය කරන ලද ගල් අඟුරු ටෙන්ඩරයට එරෙහිව අධිකරණ ක්‍රියාදාමයක් සිදු වෙමින් පවතින බැවින් එම කටයුතු නිරාකරණය වන තෙක් අදාළ සැපයුම්කරු ගල් අඟුරු සැපයීම කළ නොහැකි බව දැන්වූ අතර, ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් අදාළ ටෙන්ඩරය පසුගිය 22 දා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අවලංගු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.