පවුලක බදු බර ගැන අලුත්ම අනාවරණය

රටේ පවතින උද්ධමනයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ වක්‍ර බදු විශාල වශයෙන් ඉහළ නැංවීම බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාත පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ, මේ වන විට පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28,000ක් වී ඇති බව ඔවුන් විසින් සිදුකළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බවය.

රටේ පවතින බදු ක්‍රමට වෙනස් විය යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“ලංකාවේ මේ වෙනකොටත් ඉහළ උද්ධමනකාරී තත්ත්වයක් පවතින්නේ. මේ උද්ධමනයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ රජය මගින් විශාල වක්‍ර බදු ප්‍රමානයක් පටවලා තියෙන්නේ. අපි මේ පිළිබඳව අධ්‍යනයක් සිදුකරනු ලැබුවා. ඒ අධ්‍යනය තුළින් පැහැදිලි වුණේ ලංකාවේ 2021ට සාපෙක්ෂව 2022 වෙනකොට සාමාන්‍ය බදුබර 42%කින් පමණ ඉහළ ගිහින් තියෙනවා කියන එක. ඒ නිසාම සාමාන්‍ය පවුලක බදුබර රුපියල් 28,000ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. වඩාත් වැදගත් වන්නේ වක්‍ර බදු විශ්ලේෂණය එයට හේතු වෙන්නේ වක්‍රබදු විශ්ලේෂණය  එක් ආකාරයකින් භාණ්ඩ සහ සේවාවල මිල ගණන් ඉහළ යාමට බලපානවා. අනිත් පැත්තෙන් සෑම පුද්ගලයෙකුටම සේවා හා භාණ්ඩ ලබා ගැනීමේදී ඒ බදු ගෙවන්නට සිද්ධ වෙනවා.”

Leave a Reply

Your email address will not be published.