ලෝක කුසලානය ගැන චාමික කතා කරයි

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිවාදීන්ට මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සතු විශාලතම ශක්තිය  කණ්ඩායමේ එකමුතුකම බව තුන් ඉරියව් ක්‍රිඩක චාමික කරුණාරත්න පවසයි.

*ආසියානු කුසලානෙන් පස්සේ මොනවද වුණේ ?

“ඇත්තටම සතුටුයි. මේ අවස්ථාවේ දිනපු එක තමා වටිනම දේ. මොකද රටක් විදියට දුකෙන් පීඩනයෙන් ඉන්න මොහොතක මේ වගේ සතුටක් ගෙනාපු එක තමයි වටිනාම දේ වෙන්න‍ේ.”

*කොයි විදියට ද ලෝක කුසලානෙට සූදානම් වෙමින් සිටින්නේ ?

 “ඔස්ට්‍රේලියාවේ වෙනස්ම තණතීරු තියෙන්නේ. වෙනස්ම විදියට තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. ඒ හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ. කෝචස්ලා ඇවිල්ලා තියෙන්නේ. මහේල අයියා ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දේවල් වෙනස් වෙයි. “

*නුවර තණතීරු වල තමයි පෙර පුහුණුවීම් සිදුකරන්නේ.?

“නුවර තණතීරු හොඳයි. ඔස්ට්‍රේලියාවේ ඒවාට  හරියන විදියට තමා හදලා තියෙන්නේ. දවස් 5, 6ක් තියෙනවා එහේ පුහුණුවීම කරන්න. ඊට පස්සේ ඔස්ට්‍රේලියාවලත් තියෙනවා අපට දවස් 10 ක් විතර. අපි මේ පාර යන්නේ කලින් පොඩි කාලයක් සූදානම් වෙන්න.” 

*අනිත් කණ්ඩායම් කොයි වගේ අභියෝගයක් වෙයිද ?

“ඒ කණ්ඩායම් වලට වඩා අපි ශක්තිමත්. එකමුතු කණ්ඩායමක්. ඒක තමා මුලින්ම කියන්න ඕනේ. දසුන් අයියත් එක්ක මේ එකමුතුකම හැදිලා. මේ එකමුතුකම සැහෙන්න දුරක් අරන් ගිහින් තියෙනවා.  මේ එකමුතුකම අපි ඉදිරියටත් අරගෙන යනවා.” 

*මේ දවසවල ප්‍රේක්ෂිකාවන්ගේ වැඩිම ආකර්ෂණය තියෙන්නේ ඔබට? මේ ප්‍රතිචාර කොහොමද  ඔබ භාර ගන්නේ ?

“මට විතරක් නෙමේ හැමොටම තියෙනවා.” 

ඔබට වැඩිපුර තියෙනවා ?

“කාලෙන් කාලට එහෙම තමයි. කාලයක් තිබුණා අමාරුවේ වැටුණා කවුරුත් හිටියේ නෑ. දවල්ටත් හැංගිලා ගියපු කාලයක් තිබුණා.  මම හිතනවා ඉස්සරහටත් මේ ආදරේ තියෙයි කියලා. අපි ඇස් ඇරගෙන බලන් ඉන්න ඕනේ මිනිස්සු වෙනස් වෙනවා ද? නැද්ද කියලා.” 

*ආසියානු කුසලානයට යන්න කලින් අපිට චෝදනා එල්ල වුණා , ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඉන්දීය මාධ්‍යයෙන් විවිධ කතා කිව්වා? මේ අයට මොකක්ද කියන්න තියෙන පණිවුඩය?


“ගොඩක් දේවල් වලින් ගැහුවා. පිටරටවල් වලින් නෙමෙයි . අපිට අපෙන්ම වැදුණු අවස්ථා තියෙනවා.  අපි ඒවාගෙන් ශක්තිමත් වුණා. දසුන් ශානක අපිට වැටෙන්න දුන්නේ නෑ කවදාවත්. දැන් ඉන්න ක්‍රිකට් බෝඩ් එකට සහ දැන් ඉන්න තේරීම් කමිටුවත් මුලින්ම ගෞරවය ලබා දෙන්න ඕනේ. ඒ වැටෙන අවස්ථා වල අපිව වැට්ටුවේ නෑ. අපිව තියාගෙන හදාගෙන අපිට යන්න දුන්නා. අන්තිමට අපි තමයි හොඳටම කළේ හැම කණ්ඩායමක් එක්කම. “

Leave a Reply

Your email address will not be published.