අධිආරක්ෂිත කලාපවලට ගත් ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා යාපනයේ විරෝධතා…

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපවල ගත් යාපනයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් අක්කර 3000 ක් පමණ නිදහස් කොට නැවත ඉඩම්හි මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

යාපනය මයිලිඩ්ඩි ධීවර වරාය ආසන්නයේදී මෙම විරෝධතාවය පැවති අතර උතුරු නැගෙනහිර නැවත පදිංචි වූවන්ගේ සංගමය විසින් එය සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ.

‘ යුද්දය නිසා තමන්ට වසර 30 කට අධික කාලයක් සිය මුල් ඉඩම් අහිමි වූ බවටත් ඉඩම් අහිමි වීම හේතුවෙන් මේ වන විටත් තමන් කුලී පදනම මත සහ ඥාතීන්ගේ නිවෙස් වල ජීවත්වීමට සිදුව ඇති හෙයින් වහාම සිය මුල් ඉඩම් ලබාදීමට රජය විසින් පියවර ගත් යුතු බවටය.

යුද්දය අවසන් වී ඇති හෙයින් විශාල ඉඩම් ප්‍රමාණයක් අධිආරක්ෂිත කලාපයන්ට වෙනකර තැබීම මගින් තමන්ගේ කුඹුරු මෙන්ම කෘෂිකර්මාන්තයද සිදුකරගැනීමට නොහැකිව දැඩි සෙයින් පීඩාවන්ට පත්ව සිටින බැවින් යාපනයේ ආරක්ෂක අංශ බාරයේ ඇති සියලු ඉඩම් සාමාන්‍ය වැසියන්ට නිදහස් කර දෙන මෙන් විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසූහ.

Leave a Reply

Your email address will not be published.