IMF එක සතපහක් දෙන්නේ නැහැ මේ අවුරුද්ද ඉවරවෙනකල් – උදයංග

රට තුළ යළිත් උද්ඝෝෂණ සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති වීම තුළින් රටට එන සංචාරකයින් අඩුවිය හැකි බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, මෙම වසර අවසන් වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කිසිදු මුදලක් ලබානොදෙන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මහතා,

“සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන දේ තමයි රට තුළ සාමකාමී වාතාවරණයක් ගොඩනගවෙන එක. එතකොට නැවත උද්ඝෝෂණ ගෙනල්ලා ලෝකයට පෙන්නුවොතින් සාමය නැහැ රටේ. උද්ඝෝෂණ රැල්ලක් යනවා රටේ කියලා ලෝකෙට යැවුවොත් නැවත සංචාරකයෝ එන්නේ නැහැ.  එතකොට මේ සංචාකරයන් එන කාලය තමයි එළඹෙන්නේ. මම ඉල්ලා සිටිනවා මේ උද්ඝෝෂණ රැල්ල ක්‍රියාත්මක කරන අය වගේම මහජනතාව තේරුම් ගන්නට ඕනේ, මේ අවුරුද්දේ මේ මාස තුන හතරේ සංචාරකයෝ ගෙනල්ලා රටට විදේශ විනිමය ගෙන ආවේ නැතිනම් අපිට ලොකු තර්ජනයක් වෙනවා. අපිට ඉදිරියට අවශ්‍ය දේවල් ගෙන්න ගන්න. මොකද  IMF එක සතපහක් දෙන්නේ නැහැ මේ අවුරුද්ද ඉවරවෙනකම්.”

Leave a Reply

Your email address will not be published.