ලංකාවේ මෙතෙක් නොපැවතුනු නීතියක් ගෙනවිත්

අධිි ආරක්ෂිත කලාප නමි කරලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරල සාමාන්‍ය ජනතාව මැඩලීමට රජය උත්සාහ කරනවානමි එය තරයේ ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව එය හෙලා දකින බවද ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවැසිය.

බලන්ගොඩ ප්‍රදේශයේදි අද (26) දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙිි බව පැවැසිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගාමිණී වලේබොඩ මහතා මෙසේයද කිය –

ලංකාවෙි මෙතෙක් පැවැතිචිචි නැති නිිතියක් ගෙනවිත් කොළඹ අග නගරයේ ස්ථාන ගණනාවක් අධි ආරක්ෂිත කලාප ලෙස නමි කරල තිබෙනවා. අපි දන්නවා අධිි ආරක්ෂිත කලාප අවශ්‍ය වන්නේ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විමෙිි අවදානමක් තිබෙනවානමි හෝ රට ඇතුලේ හෝ රටවල් අතර යුද්ධයක් පවතින අවස්ථාවකයි. අපි අහන්න කැමති රජයෙන් අධි ආරක්ෂිත කලාප නමි කිරිම සදහා නිිතියක් ක්‍රියාත්මක කිරිමට හේතුව කොළඹ අගනගරයට පහර දිමට හෝ මරමස්ථාන වලට පහර දිමෙිි බුද්ධි අංශ තොරතුරක් ලැබිලා තිබෙනවාද කියලා. නැතිනමි ඒවා අත්පත් කර ගැනිමෙිි තොරතුරු ලැබිලා තිබෙනවාද කියලා.

ඇති වි තිබෙන ආර්ථික අර්බුදයත් සමග පිඩාවට පත්ව සිටින ජනතාව තමන්ගේ දුක, බඩ ගින්න ජනතාවගේ හඬ බළධාරින්ට ප්‍රකාශ කරන්නේ අවස්ථාවක්, හිමිකමක් ඔවුන්ට පැවැතිය යුතුයි. ඒ ජනතා හිමිකම ,අයිතිවාසිකම් ලබා දිම පිළිබඳව කොන්දේසි විරහිතව පිහිට වෙන්න අපි එකගයි.රජය විසින් සිදු කරන පහර දිමි මර්දනයට අපි විරැද්ධයි.

හැබැයි එහෙම කියලා පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය ,අගමැති මන්දිරය වැටලිම, අත්පත් කර ගැනිම යන දේ කරන්න නැවත උත්සාහ කරනවානම් එයට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒවා අත්පත් කර ගන්න උත්සාහ කරන්න ඔිනි මැතිවරණවලින් බවද ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් පැවැසිය.

Leave a Reply

Your email address will not be published.