පාකිස්තාන මුදල් ඇමති තීරණයක් ගනී

පාකිස්තාන මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

තමන් මුදල් අමාත්‍ය ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට ඉදිරියේ දී කටයුතු කරන බව මිෆ්තා ඉස්මයිල් ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

පාකිස්තාන මුදල් අමාත්‍යවරයා මේ වන විට සංචාරයක් සඳහා ලන්ඩන් නුවර වෙත ගොස් ඇති අතර යළි පාකිස්තානය වෙත පැමිණි පසු විධිමත්ව තම ඉල්ලා අස්වීමට භාරදීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කර තිබේ.

පාකිස්තාන මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරිෆ් වෙත දැනුම් දී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.