මෙතෙර ආදරණීයයන්ට එතෙර සිට ඩොලර් ගෙවා ලිට්රෝ ගෑස්

LP ගෑස් දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෑතකදී Home Delivery Appහි නව විශේෂාංගයක් හඳුන්වා දෙමින් විදේශගත වූවන්ට තම ආදරණීයයන් වෙනුවෙන් ගෑස් ඇණවුම් කිරීමට සහ එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීම් කිරීමට ඉඩ සලසයි. මෙය දැනටමත් පවතින ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පුළුල් සේවා කළඹට නිර්මාණාත්මක එකතු කිරීමක් මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ඩොලර් අර්බුදයට නිර්මාණාත්මක විසඳුමක්ද වෙයි.

නව විශේෂාංගය පිළිබඳ අදහස් දක්වමින් ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “LP ගෑස් සඳහා 80%කට වැඩි වෙළෙඳපොළ කොටසකින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙස අපගේ පාරිභෝගික අත්දැකීම් වැඩි දියුණු කිරීමට නව ක්‍රම සොයමින් සිටිනවා. ඒ අනුව හඳුන්වා දුන් මේ නව විශේෂාංගය මඟින් විදේශිකයන්ට තම ආදරණීයයන් සඳහා වඩාත් පහසුවෙන් LP ගෑස් නිවෙසටම ගෙන්වා ගැනීමට මෙන්ම ඒ සඳහා එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීම් කිරීමටද ඉඩ සැලසෙනවා. එය ආර්ථිකයට අත්‍යවශ්‍ය සහනයක් වනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ වගේම ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පුළුල් බෙදාහරින්නන්ගේ ජාලය කෙටි කාලයක් තුළ සියලු ගෑස් බෙදාහැරීම් (Home Delivery) කඩිනමින් කිරීමේ පහසුකම් සලසා ඇති බවද සහතික කරනවා. මෙමඟින් පාරිභෝගිකයන්ට සිලින්ඩරයක් රැගෙන එමින් සහ නැවත රැගෙන යමින් කාලය සහ අධික මුදලක් නාස්ති කරමින් එහා මෙහා යෑමට සිදු නොවන නිසා වෙහෙසකර නොවන අමතර සහනයක් සැලසෙනවා. රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමට සුවිශේෂි දායකත්වයක් දෙන විදේශගත/විගමනික ශ්‍රමිකයන්ට උපහාරයක් ලෙස මේ විශේෂාංගය හඳුන්වා දුන්නා‘‘ යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published.