පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් පෑලියගොඩදී හමුවෙයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

මෙහිදී පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝග්‍රෑම් 3000ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගැනීමට සමත්විය.

අදාළ ගබඩාවේ සිටි වයස අවුරුදු 41ක 48ක පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා සහ සීනි තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑළියගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published.