නාසා Dart මෙහෙයුම සාර්ථකයි

ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් සාර්ථක වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ දිනයේ මෙලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව වාර්තා වන්නේ නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුමයි.

මෙහිදී කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය වීමට සලස්වා තිබේ.

එමගින් නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ පෘථිවියේ ඝට්ටණය වීමේ අවධානමක් ඇති ග්‍රහක කොටස්වල ගමන් මාර්ගය වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලීමය.

ඉතිහාසයේ සඳහන් වන පරිදි වසර මිලියන 65කට පමණ සිදුවූ දැවැන්ත ග්‍රහකයක ඝට්ටනයක් හේතුවෙන් පෘථිවියේ සමස්ථ ජීවයෙන් සියයට 75ක ප්‍රතිශතයක් වඳවීමට ලක්ව ඇති බවය.

ඉදිරියේදී පෘථිවිය වෙත එල්ලවිය හැකි එවැනි අවදානමකින් ගැලවීම සඳහා මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.