විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දී තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රේගුව සමග ලියාපදිංචි වී නොමැති ආයතන හරහා භාණ්ඩ එවීමේදී මෙම සිදුවීම් වැඩි වශයෙන් ඇතිවන බවය.

එම නිසා භාණ්ඩ මෙරටට එවීමේදී රේගුවේ ලියාපදිංචි ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස රේගුව දැනුම් දෙයි.

මේ අතර මෙරටට ආනයනය කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේදී පවතින නීතී සංශෝධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් සහ කාගෝ සංගමයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා වේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.