සජබ සැමදා ජනතාව සමඟයි

වත්මන් ආණ්ඩුව ජනතාවට බය වී ජනතාව හමුවට නොගියත් කිසිදු දිනක සමඟි ජන බලවේගය ජනතාවගෙන් ඈත් වී නොසිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 25 වැනි දා ගලිගමුව ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

වත්මන් ආණ්ඩුව ජනතාවට බය වී ජනතාව හමුවට නොගියත් කිසිදු දිනක සමඟි ජන බලවේගය ජනතාවගෙන් ඈත් වී නොසිටින බව කියා සිටි විපක්ෂ නායකතුමා, වත්මන් රජය ජනතාවට බිය වී ඇත්තේ ජනතාවගේ පැතුම් හා අභිලාෂයන් ඉටු කර ගැනීමට නොහැකි වී ඇති නිසා බවත් ඔවුන්ට ඒ සඳහා හැකියාවක් නොමැති බවත් පැවසීය.

වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන්ට අවශ්‍ය වී ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු ගැන අවධානය යොමු නොකර ඔවුන්ගේ ඇමැතිකම්, වරදාන, වරප්‍රසාද වැඩි කර ගැනීම බවත් එබැවින් ඔවුන්ට ජනතාවට සහන සැලසීම, ජනතාව වෙනුවෙන් වැඩක් කිරීමට නොහැකි වී ඇති බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.