මවට හා පියාට පුතුගෙන් උදලු පහර

හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහරදී තිබේ.

පහරදීමෙන් පියා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මව මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මාලබේ පොලීසිය පවසයි.

සැකකාර පුත්‍රයා විසින් පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වන රංජිත් සේනාරත්න නැමැති  ත්‍රිරෝද රථ රියදුරෙකි.

තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනය වී  සිටි පුත්‍රාව මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම සිද්ධිය වී ඇතැයි පොලීසිය පවසයි.

28 හැවිරිදි සැකකාර පුත්‍රයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර මවගේ අතකට බරපතළ තුවාල සිදුව ඇතැයි වාර්තා වේ.

මාලබේ පොලීසිය පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.