ඉන්ධන හලට කඩා වැදුනු ඇමති ගෝලයෝ යකා නටති

QR අවසර පත්‍රය නොමැතිව මහරගම ඉන්ධන පිරවුම් හලකට පැමිණි පිරිසක් එහි සේවකියින්ට හා කළමනාකරුට පහරදෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

අදාළ පිරවුම්හලට පැමිණි පිරිසක් සේවකයින් සමග බහින්බස් වී පිටව ගොස් නැවත එම ස්ථානයට පැමිණ අමාත්‍යවරයෙකුගේ මිනිසුන් යැයි පවසමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇත.

ඉකුත් ඉරුදින රාත්‍රියේ කුඩා වෑන් රථයකින් පැමිණ තිබූ පුද්ගලයෙකු ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී QR අවසර පත්‍රය පොම්පකරු විසින් ඉල්ලා ඇති අතර, එහිදී වෑන් රථයෙන් බිමට බැස පොම්පකරු ට පහරදීමට තැත් කරන අයුරු ද CCTV කැමරාවේ සටහන්ව තිබේ.

අනතුරුව පොම්පකරු එම පුද්ගලයාට පොම්පයෙන් පහරදීමට උත්සාහ කිරීමේදී ඉන්ධන පිටවී එම පුද්ගලයාගේ මුහුණට වැටෙන අයුරු ද එහි දැක්වේ.

අනෙකුත් සේවයකයින් ද එම ස්ථානයට පැමිණ සිද්ධිය සමතයකට පත්කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිට වී ගිය එම පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමග ඉන්ධන හල වෙත පැමිණ  කාර්යාලය තුළට කඩා වැදී කළමනාකරු සහ එම සේවකයන්ට පහරදෙන අයුරු CCTV කැමරාවේ වැඩිදුරටත් සටහන් වුණි.

මේ පිළිබඳ මහරගම පොලීසියට ද පැමිණිලි කර ඇත.

Leave a Reply

Your email address will not be published.