දිවි පරදුවට තැබූ සැරයන්ට ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් සමඟ SI ධුරයට නිර්දේශ වෙයි

නිවෙස හදා දෙන්නත් පොලිසියේ සහාය

රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් මෙල්ල කිරීමට සිය ජීවිත අවදානම නොතකා ක්‍රියා කළ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස විශේෂ උසස් වීමක් හා රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් දීමට අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතා නිර්දේශ කර තිබේ.

එම නිර්දේශය පොලිස්පතිවරයා වෙත අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති මඟින් ඊයේ (27) වන විට යොමුකර තිබිණි. මේ පොලිස් සැරයන්වරයා පදිංචිව සිටිනුයේ එප්පාවල ප්‍රදේශයේය. උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ. ජයලත් මහතා තීරණය කර ඇත්තේ උතුරු මැද පළාතේ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ඔහු පදිංචිව සිටින නිවෙස කපරාරු කර අංගසම්පූර්ණ නිවෙසක් ලෙස ගොඩනඟමින් ඔහු කළ සේවය ඇගයීමටය.

Leave a Reply

Your email address will not be published.