මුදල් රාජ්‍ය ඇමති බැංකුවලින් කළ ඉල්ලීම

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 

ඊයේ (27) පස්වරුවේ රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ද්‍රවශීලතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බැංකු සිය පොලී අනුපාතයන් ඉහළ දමා ඇති තත්ත්වය තුළ ඇතැම් ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බවය.

බැංකු පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා එම පියවර ගැනීම අත්‍යවශ්‍ය වුව ද ව්‍යවාසයකයන් ආරක්ෂා කර ගැනීම ද අතිශය වැදගත් බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. 

එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේ ය. 

අදාළ බැංකු මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යාංශය දැනුම්වත් කරන ලෙස ද සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු වෙතින් ඉල්ලීමක් කළේ ය. ‍

Leave a Reply

Your email address will not be published.