ජනාධිපති අද පිලිපීනයට

අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.

ඊයේ (27) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණේ, මින්නේරිය පොලිස් වසමේ බටුඔය ප්‍රදේශයේදීය.  

අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් තුවාල ලැබූ මගීන් 06 දෙනෙකු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරුකර යවා තිබේ.

පොලීසිය පවසන්නේ, බස් රථ රියදුරගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවය.

අදාළ අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත අතර මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.