තවත් අපරාධකරුවන් දෙදෙනෙක් කොටුවෙයි

බුද්ධික ප්‍රසාද් හෙවත් “ආමි සුරංග” සහ චාමර චතුරංග යන පාතාල සාමාජිකයින් දෙදෙනා මුල්ලේරියාව පොලිස් වසමේ, වල්පොළ  ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27) රාත්‍රියේ එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

“ආමි සුරංග” නැමැත්තා පාතාල කණ්ඩායම් නායකයෙකු වන “ඌරු ජුවාගේ” සහ “ගොත අසංකගේ” කණ්ඩායමේ අයෙකු බව පොලීසිය පවසයි.

මීට අමතරව එම සැකකරු ධනුෂ්ක ආරියවංශ නොහොත් “රංග” යන අයගේ සොහොයුරා ද වන බව පොලීසිය සඳහන් කරයි.

“ආමි සුරංග” මීට පෙරද අපරාධ රැසකට අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙකි.

ඔහු 2014 වසරේ වැල්ලම්පිටිය, උමගිලිය ක්‍රීඩාංගණය පැවති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ජනහමුවකදී වේදිකාවට වෙඩිතැබීමේ සිද්ධියේ ද සැකකරුවෙකි.

“ආමි සුරංග” මීට පෙර ගිනිඅවියක් සමග පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විසින් අත්අඩංගුවට ගත් අයෙකු බව වාර්තා වෙයි.

එම සැකකරු 2020 වසරේ දී මිරිහාන අපරාධ කොට්ඨාසයෙන් පොලිස් නිල හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස පරිහරණය කර අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිළිබඳව මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.