අගෝස්තු මාසයේ අපනයන ආදායම් ඉහළ යයි

ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඉහළ දායකත්වයක්

පසුගිය මස අපනයන පෙර වසරට වඩා සියයට 10.24 කින් ඉහළ ගොස් තිබේ. එම වර්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙම වර්ධනය සඳහා ඇඟලුම් සහ රෙදිපිළි අපනයන දායකත්වය ප්‍රමුඛවී තිබේ. ඒ වටිනාකම ඩොලර් මිලියන 565.37 කි. එය පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 15.03ක වර්ධනයකි. පසුගිය මස තේ අපනයනය සියයට 6.52 කින් ඉහළ ගොස් ඇත. එම වර්ධනය ඩොලර් මිලියන 124.41 කි.

රබර් සහ රබර් නිමි භාණ්ඩවල අපනයන ආදායම ඩොලර් 99.83 දක්වා සියයට 8.11 කින් ඉහළ ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. පොල් නිෂ්පාදනය ඩොලර් මිලියන 71.21 දක්වා සියයට 3.71 කින් පහත වැටී ඇත.

මුහුදු ආහාර අපනයනය ඩොලර් මිලියන 37.04 ක් දක්වා සියයට 25.53 කින් වර්ධනය වී තිබේ. මෙරට අපනයන ප්‍රමුඛතම ගැනුම්කරුවා ඇමරිකා එක්සත් ජනපදය වන අතර එය ඩොලර් මිලියන 320.31 ක් වන අතර, එක්සත් රාජධානිය ඩොලර් මිලියන 80.55 ක් සහ ඉන්දියාව ඩොලර් මිලියන 69.71 භාණ්ඩ මිලදී ගැනීම් සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.