ආයිත්තමලය පොලිස් වසෙමේ උන්නතච්චිය වැවේ දිය නෑමට ගිය පිරිසක් අතරින් දියේ ගිලුණු පුද්ගලයෙක් බේරාගැනීමට උත්සාහ කළ පාසල් සිසුවෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (02) සවස් කාලයේදී පිරිසක් උන්නතච්චිය වැවේ දිය නෑම සඳහා ගොස් තිබුණි.
එහිදී එක් පුද්ගලයෙකු දියේ ගිලිමෙන් සිටියදී ඒ අතර සිටි පාසල් සිසුවෙක් අදාළ පුද්ගලයා බේරා ගැනීමට තැත්කර ඇත.
බේරාගැනීමට සඳහා ගිය සිසුවා දියේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් කරදියනාරු රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇත.
මියගිය සිසුවා 17 හැවිරිදි කන්නකුඩා, වව්නතිවු ප්‍රදේශයේදී පදිංචිකරුවෙකු වන අතර, අතුරුදන් වූ පුද්ගලයා 35 හැවිරිදි කන්නම්කුඩා, වව්නතිවු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ආයිත්තමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.