පාන් මිල වැඩිකරන්නේ නැහැ – බේකරි හිමියෝ

තිරිඟු පිටි මිල වැඩිකර තිබුණද, පාන් මිල වැඩිකිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති එන්. කේ ජයවර්ධන මහතා පවසන්නේ, මේවන විට බේකරි අමුද්‍රව්‍යවල මිල ගණන් 400% ඉහළ ගොස් ඇති බවය.

මේ අතර තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් වැඩිකර ඇති බව එන්. කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටියේ, බේකරිකරුවන්ගෙන් වැට් බද්ද අය නොකරන ලෙසය.

Leave a Reply

Your email address will not be published.