ලංකා සිතියම මැද රවණා ගිණි ගනී

පැවැති කොවිඩ් -19 වසංගතය සමඟ ඇති වූ  බිය පහව ගොස් ඇති බැවින් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් එරට වැදගත් හින්දු උත්සවයක් වන දුසේරා උත්සවය මෙවර උත්කර්ෂවත් ලෙස සමරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

ඉන්දීයාව මුහුණ දී තිබූ දරුණු කොව්ඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ දීම දුසේරා උත්සවය අවලංගු කීරිම සිදු විය.

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර දළ වශයෙන් වැටෙන චන්ද්‍ර දින දර්ශනයේ හත්වන මාසයේ 10 වන දින දුසේරා සමරනු ලබයි

මෙම උත්සවය හින්දු දෙවියෙකු වන රාම් විසින් හිස් 10 කින් යුත් යක්ෂ රජු වන රාවණාව පරාජය කිරීම සමරන අතර නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම සංකේතවත් කරනවා. 

හෙළ අසුර අධිරාජ්‍යයේ ස්වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. 

භාරතයේ හින්දුන් රාවණ නමට කොතෙක් බිය ද යන්න පැහැදිලි වන්නේ වාර්ෂික ‘‘දුසේරා’’ ආගමික උත්සවය පවත්වමින් රාවණ රූපය, පුලුස්සන නිසාය.

රාමායණයේ ‘‘දසිස් රාවණ’‘ ලෙසද, සිංහල සාහිත්‍යයේ ‘‘රාවණ රවුළු’’ ලෙසද, යක්‍ෂ ගෝත‍්‍රිකයන්ගේ වරිගපූර්ණිකාවේ ‘‘රාවණ රණබා’’ ඔහු හැඳින්වේ. 

මෙම දුසේරා පූජාව පැවැත්වීමට මහ පොළව මත ලංකා සිතියම සකස්කොට ඒ මත මහා රාවණයන්ගේ විශාල පිළිරුවක් සවි කරනු ලබයි. ඒ අසලින්ම රාවණගේ සොහොයුරු කුම්භකර්ණ සහ රාවණ පුත් ඉන්ද්‍රජිත් හෙවත් මේඝනාදයන්ගේද පිළිරූ ඉදිකරනු ලබයි. ඉන්පසු සෙරෙප්පුවලින් තැනූ මල්මාල එම පිළිරූවලට පළඳවයි. අනතුරුව ඒවාට ඊතලවලින් විද පුළුස්සා දමයි. අනතුරුව ඉන්ද නොනැවතී කාන්තාවන් විසින් සෙරෙප්පු සහ පොල්වලින් පහර දෙමින් කෙළ ගසනු ලබයි. පිළිම ගිනිගෙන දැවී යන තෙක් ‘දුෂ්ට රාවණා මැරියන්’ සහ ‘දුෂ්ට රාවණාට නැගිටින්නට බැරිවෙයන්’ යන අරුත් ඇති වැකි කියමින් බොහෝ වේලාවක් සාප කරනු ලබයි.

මෙසේ සාප කිරීමේ ප්‍රබල හේතුව වන්නේ අක්ෂරවල තිබෙන බලයයි. මන්ත්‍ර ජප කිරීමෙන් බලයක් ඇතිවන්නාක් මෙන්, දහස් සංඛ්‍යාත ජනතාවක් එකවර එලෙස සාප කිරීමෙන් කිසියම් බලයක් ශක්තියක් උපදියි. මේ බව හොඳින් දන්නා ඉන්දියානුවන් රටේම ජනයා ඒකරාශී කරමින් රට පුරා එකම වේලාවක දුසේරා පූජාව සිදුකරන්නේ රාවණයන් යළි නැගිටීම වළක්වාලීම සඳහාය. දසදහස් සංඛ්‍යාත පිරිසක් හදවතේ සැබෑ ක්‍රෝධයක් උපදවාගෙන ‘දුෂ්ට රාවණා මැරියන්’ යන අදහසින් එකම මොහොතක නොකඩවා මහා හඬින් පවසා සිටීමෙන් එය බලයක් බවට පත් වෙයි. ශක්තියක් බවට පත්වෙයි.

එසේනම් මෙවැනි අවස්ථාවකදී, මෙවැනි ශාප කිරීමකදී අප විසින් කළ යුත්තේ කුමක්ද? අප ද විශාල පිරිසක් ඒකරාශීකොට, එකම වෙලාවක, එකම හඬින් ‘රාවණා යළි නැගිටිනු’ යනුවෙන් නොකඩවා අධිෂ්ඨානශීලීව විශාල හඬකින් පවසා ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීමයි.

දින ගණනාවක් පුරාවට පැවැත්වෙන මෙම දුසේරා උළෙළ ගීත ,නැටුම් , සහ විචිත්‍රවත් පෙරහැර වලින් සමන්විත වෙයි.

Leave a Reply

Your email address will not be published.