ආසියාවේ හොඳම ගුරුවරයා

සිය කැපවීමෙන් නව ක්‍රමවේද ඔස්සේ දරුවන්ට සිප් සතර ලබාදීම වෙනුවෙන් 2022 වසරේ ආසියාවේ හොඳම ගුරුවරයා බවට පත්වූයේ ශ්‍රී ලාංකික ගුරුවරයෙකි.

ඔහු නමින් අසිත් මුතුකුමාරණ ය.

ලෝක ගුරු දිනය යෙදෙන අද දිනයේදී “අද දෙරණ” ඔහුගේ උදාර සේවය පිළිබඳව මෙසේ සටහනක් තැබුවේය.

ක්‍රීඩා කරන අතර සිංහල හෝඩිය ඉගෙන ගන්න දරුවන්, මෙන්ම කුඹුරකට හා මුහුදු වෙරළකට ගොස් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්නා දූ දරුවන් ට ගුරුහරුකම් ලබාදෙන්නේ, මෙලෙස දරුවන් සමග පා පැදියේ ගමන් ගන්නා මෙම ගුරුවරයාය.

පරිසරය හා විනෝදය සමග වෙනස්ම ආකාරයකට දරුවන්ට ඉගැන්වීම නිසා මෙම තරුණ ගුරුවරයා දරු දැරියන්ට විශේෂ වේ.

මොහු පිළිබඳව යළිත් කතාබහක් ඇතිවන්නේ 2022 වසරේ ආසියාවේ හොඳම ගුරුවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමත් සමගය.

එපමණක් නොව, 2018දී වසරේ විශිෂ්ටතම ගුරු තරුව ලෙසත් 2019දී ශ්‍රී ලංකාවේ හොඳම රාජ්‍ය සේවකයන් 10 දෙනා අතරටත් 2021දී ආසියාවේ හොඳම ගුරුවරයා ලෙසත් ඔහු සම්මානයට පාත්‍ර වේ.

ජයග්‍රහණ රැසකට හිමිකම් කියන මේ ගුරුවරයාගේ බලාපොරොත්තුව, දැනුමෙන් පෝෂිත දරු පරපුරක් අනාගතයට බිහිකිරීමය.

නමුත්, දරුවන් වෙනුවෙන් මෙතරම් වෙහෙසන ගුරුවරයෙකුට සමාජයෙන් ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස ඉටු වී තිබෙනවාද යන්න පිළිබඳව යළිත් වරක් සිතිය යුතු කරුණකි.

Leave a Reply

Your email address will not be published.