පොපි මල් දින පළමු පොපි මල ජනපතිට පළඳවයි

පළමු සහ දෙවන ලෝක යුද්ධයන්හිදී මෙන්ම පහුගිය තිස්වසර පුරා ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුධ ගැටුම් වලදී මියගිය සොල්දාදුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් පැවැත්වෙන සන්නද්ධ හමුදා අනුසුමරණ පොපි සැමරුම වෙනුවෙන් පළමු පොපි මල ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම අද (06) පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

ඒ අනුව, සන්නද්ධ හමුදා පොපි සැමරුම 2022 ට සමගාමීව ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස  ජනාධිපතිතුමන් වෙත පළමු පොපි මල පළඳවන ලද්දේ එම සංගමයේ සභාපති මේජර් ජනරාල් රුවන් වනිගසූරිය මහතා විසිනි.

ඉන් අනතුරු අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටද පොපි මල් පැළඳවීම සිදු කෙරිණි. පාර්ලිමේන්තුවේ මහලේකම්ධ ම්මික දසනායක මහතාට සහ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට ද පොපි මල් පැළඳවීම සිදු කෙරුනේ ඉන් අනතුරුවය.

මෙම අවස්ථාවට, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ නිලධාරින් වන ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය, මේජර් පී.කේ.සී. ශාන්තිලාල් කංකානම්ගේ, කපිතාන් ටී.එම්.එච්.මඩුගල්ල, ඒ. පත්මසිරි සහ චූලනී සිරිමෙවන් යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published.