ඒක ඉතින් පොඩි විහිළුවක් -මෛත්‍රී

ඉදිරියේදී දිවුරුම්දීමට නියමිත කැබිනට් අමාත්‍ය ධුර භාරගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිස් සිටී දැයි තමා නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා අද (09) මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“මම නම් ඉතින් දන්නේ නැහැ ඉතින්. අපේ කට්ටියක් ගියා. තවත් එහෙම ඉන්නවාද කියන්න බැහැ. අපි නම් ඇමතිධුර ගන්නේ නැහැ. අපි යෝජනා කළේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. සර්වපාක්ෂික ආණ්ඩුවක් කෙරුණේ නැහැ. සර්වපාක්ෂි ආණ්ඩුවක් පිහිටෙව්වානම් ජාත්‍යන්තර සහයෝගය සහ ආධාර ලැබෙනවා, ණය ලැබෙනවා. නමුත් සර්වපාක්ෂික ආණ්ඩුවට, ආණ්ඩු පක්ෂයේම අය කැමති වුණේ නැහැ. ඒ තත්ත්වය උඩ අපිට ආණ්ඩු පක්ෂයට එකතුවෙන්න පක්ෂයක් විදිහට නිල වශයෙන් පුළුවන් කමක් නැහැ. නමුත් රටේ බරපතළ දැවෙන ප්‍රශ්න විසඳාගැනීම සඳහා ආණ්ඩුව ගන්නවා වූ තීන්දු තීරණවලදී, මහජනයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවලදී සහාය දෙනවා.”

ප්‍රශ්නය – ඊයේ පොදුජන එක්සත් පෙරමුණ නව මුහුණුවරකින් කළුතරින් ගමනක් ආරම්භ කරනවා. ඔබතුමාලා ඒ තත්ත්වය කොහොමද දකින්නේ ? 

“ඒක ඉතින් පොඩි විහිළුවක් තමයි. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක නිකන් ආර්ටිෆිෂල් වැඩක්.”

Leave a Reply

Your email address will not be published.