මිලාදුන් නබි දිනය අදයි

නබිනායකතුමාගේ ජන්ම දිනය අදට (09) යෙදී තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව දක්වා ඇත්තේ මිලාදුන් නබි දිනය ලෙස හඳුන්වන මෙම දිනය විශ්වීය වශයෙන් ප්‍රීතිය සහ සතුට ප්‍රකාශ කළ හැකි ඉමහත් ඵෙතිහාසික වැදගත්කම් සහිත දිනයක් බවය.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීම සඳහා නබිනායකතුමාගේ දර්ශනය අන් සෑම කාලයකටම වඩා පිටුවහලක් වන බවය.

එකිනෙකා පරයා යාමට දරන උත්සාහය වෙනුවට එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට නබිනායකතුමාගේ දර්ශනය ජීවිතයට බද්ධ කර ගැනීම එතුමන්ට කරන උපහාරයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.