පූජනීය ස්ථානවල විදුලි බිල ගැන දැනුම් දීමක්

පූජනීය ස්ථාන සඳහා වූ විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කර එම විදුලි බිල හරි අඩකට වඩා අඩු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් අද(08) බැහැ දැකිමට ගොස් මේ පිළිබඳව දැනුවත් කළේය.

ඒ අනුව ,පුජනීය ස්ථානවල විදුලිබිල ඉකුත් අගෝස්තු මස 8 වැනි දින සිට පරණ පැවති, බිල් හා සමානව අය කිරීමට පියවර ගෙන ඇති බවයි.  ඒ අනුව ඒකකයක් සඳහා විදුලි ගාස්තුව රුපියල් 32ක් වනු ඇත. 

ජනක රත්නායක මහතා පෙන්වා දෙන්නේ ආගමික සිද්ධස්ථාන සඳහා එලෙස විදුලි ගාස්තු සහන ලබාදෙන බවය.

ඒ අනුව විදුලි ඒකක 180ට වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික සහ පුණ්‍ය ආයතන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published.