ඉන්දියාවේ බස් අනතුරකින් 11ක් මරුට

ඉන්දියාවේ අද(08) අළුයම සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ බස් රථය ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ඉන්දියාවේ “නාෂික්” නගරයේදී මෙම අනතුර සිදුව ඇතැයි සදහන් වේ.

අනතුරින් තවත් පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය බලධාරින් පවසයි. තුවාල ලැබුවන් ගෙන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසු වේ.

මාර්ගය අසල නවතා තිබු ට්‍රක් රථයක මෙම බස් රථය ගැටී ඇති අතර, එහිදී බස් රථයේ ඩීසල් ටැංකිය පුපුරා යාමෙන් ගින්නක්ද හට ගෙන ඇත. අනතුර සිදු වන අවස්ථාවේ දී බස් රථයේ සිටි මගීන් බොහෝ දෙනෙකු නින්දේ පසු වූ බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.