‘රජරට ඔඩිසි‘

අනුරාධපුරය දක්වා සති අන්තයේ “රජරට ඔඩිසි” නමින් විශේෂ දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකදීම ධාවනය කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

සංචාරකයින් සහ වන්දනාකරුවන්ගේ පහසුව සඳහා එම දුම්රිය ධාවනයට එක් කෙරේ.

එය අද පෙරවරු 9.20ට කොළඹින් පිටත් වුණි. එම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්ව සිටියේය. දුම්රිය පස්වරු 1.42කට අනුරාධපුරට ළඟාවීමට නියමිතය. අනුරාධපුරෙන් පස්වරු 5.00ට පිටපත්වන දුම්රිය රාත්‍රී 9.14ට කොළඹ කොටුවට ළඟා වේ.

ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 2,500කි. මැදිරි 10කින් යුත් එම දුම්රියේ සමස්ත ආසන සංඛ්‍යාව 480කි. 

Leave a Reply

Your email address will not be published.