දැනට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ඇති ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් දීර්ඝකාලීන බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර තිබේ.
කදුරට, රුහුණු, වයඹ, රජරට ඇතුළු ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් මෙසේ ලබාදීමට යෝජිතය.
මෙම මධ්‍යස්ථාන පෞද්ගලික ආයෝජකයන්ට ලබා දුන්නද එකම ආයතනයක් ලෙස පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කරමින් සිටියි.
මේ වන විට ගුවන් විදුලි සංස්ථාව සහ එහි ප්‍රාදේශීය ගුවන් විදුලි මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ භාණ්ඩාගාරයෙන් ලබා දෙන ප්‍රතිපාදන මතයි.