අතුරුදන් වූවන්ගේ ළඟම ඥාතියාට ගෙවන මුදල ඉහළට

අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් පවුලේ ළඟම ඥාතියා වෙත ගෙවනු ලබන මුදල රුපියල් 200,000ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන දක්නට නොලැබීමේ සහතිකය මත පදනම් කරගනිමින් ළඟම ඥාතියා වෙත රුපියල් 100,000ක මුදලක් ගෙවීමට මාර්තු මස 14 වනදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කෙරුණි.

එසේ වුවද දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීමත් ගෙවනු ලබන රුපියල් 100,000ක මුදල ප්‍රමාණවත් නොවීමත් යන කරුණු සැළකිල්ලට ගෙන අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට හානිපූර්ණ කාර්යාලය විසින් තහවුරු කරගෙන ඇත්නම් දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමටත් එහිදී තීරණය කර ඇත.

අධිකරණය අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ඊයේ (10) දිනයේ කැබිනට් මණ්ඩලය විසින් එළැඹුනු අනෙකුත් කැබිනට් තීරණ පහතින්.

Leave a Reply

Your email address will not be published.