හදිසියේ අසනීප වූ පාසල් සිසුන් 42ක් රෝහලට

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 42 දෙනෙකු අද (11) කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කල බව එම විද්‍යාලයේ ගුරුවරුන් පැවසිය. 

එම විදුහලේ 6 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් 13 දෙනෙකු සහ සිසුවියන් 29 දෙනෙකු ක්ලාන්තය, උණ වැනි රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල් ගත කල බව එම ගුරුවරුන් කියා සිටියේය.

රෝහල්ගත කළ සිසු සිසුවියන් කිහිපදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, තවත් සිසුන් පිරිසක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් වෛද්‍යවරු පවසයි.

රෝහල්ගත කළ සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.